ශ‍්‍රිලනිප ඇමති පිරිසක් ඒකාබද්ද විපක්‍ෂයේ බලය අල්ලන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

ශ‍්‍රිලනිප ඇමති පිරිසක් ඒකාබද්ද විපක්‍ෂයේ බලය අල්ලන්න යයි..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් ඒකාබද්ද විපක්‍ෂයේ බලය ඇල්ලීම සඳහා වැඩපිලිවෙලක් දියත් කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් වූ සාකච්චා වට කිහිපයක්ම ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් හා ඇමතිවරුන් අතර පැවතී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය විසින් ජනතා ජනතාව දිනාගෙන ඇත්තේ එජාපය විවේචනය කිරීමෙන් නිසා එජාපය විවේචනය කල යුතු යයි ගන්නා ලද තීරණයක් අනුව පසුගිය දින කිහිපයේදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් ප‍්‍රසිද්ධියේ එජාප ඇමතිවරුන් විවේතනය කරනු දක්නට ලැබින.

රවි කරුණානායකට එරෙහි විශ්වාස භංගය, මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය නිමාවීම ආදියේදී ජනමතය සියුම් ලෙස නිරීක්‍ෂණය කර ඒ අනුව කටයුතු කිරීමටද තීරණය කර ඇති මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන බලය බිඳ දැමීම සඳහා වෙත් රාජපක්‍ෂවරයෙක් හෝ වෙනත් සුදුස්සෙක් ගෙන ඒමටද සාකච්චා වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad