රණ්ඩුව බේරන්න ගිය කෙනාට මරු පහරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

රණ්ඩුව බේරන්න ගිය කෙනාට මරු පහරක්

අනුරාධපුර - මහබුලන්කුලම ප්‍රදේශයේදී ඊයේ (11) පුද්ගලයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කර තිබෙනවා.

එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ බහින්බස්වීමක් සිදුවී ඇති අතර එම ස්ථානයට ඔහුගේ මිතුරා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ගැටුම සමථයකට පත්කිරීමට යාමේදී අදාළ පුද්ගලයා විසින් මිතුරාට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ. සිද්ධියෙන් මියගියේ මහබුලන්කුලම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක් දරු පියෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad