මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ පොලිසිය අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා නිදහස් කිරිමට යහපාලන අධිකරණය කටයුතු කර තිබේ.
මෙහි ඇති නියම කොටසනම් යහපාලන අධිකරණය හරහා නිදහස ලබාගත් මිනිමරු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න පිලිගැනිමට කටයුතු කලේ ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා ලෙස මියගිය අයගේ බිරිඳ වන ශෂිකා නිශාමනී මුණසිංහට බලපෑම් කල හෙළ උරුමයේ නල්ල මලේ නායක ඕමල්පේ සෝභිත හිමියන් ය.
ඇප පිට නිදහස් වූ ධර්මරත්න පෙරගමන් පොලිස් ජිප් රියක ආරක්ෂාව යටතේ බෝධිරාජාරාමයට ගියේය. එහිදී හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි ඇතුළු සංඝරත්නය සධාතුක කරඬුව හිසේ තබා පිරිත් දේශනා කර සෙත් පැතූහ. පිරිත් දේශනා කළ හිමිවරුන්ට ධර්මරත්න චොක්ලට් පූජා කළේය. බෝධිරාජාරාමයේද ආරක්ෂාව තර තිබිණි.
සිය ගණනක් ජනතාව ඉදිරියේ ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඉහල මාලයේ සිට බිමට තල්ලු කරදමා ඝාතනය කල ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්දට අද ඕමල්පේ සෝභිත හිමියන් ආගමික වතාවත් කර බෞද්ධ ආගමටත් නිග්‍රහ කිරිමට කටයුතු කර තිබේ.
හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි සහ චන්දිමා කොඩිතුවක්කු නම් ව්‍යාපාරික කාන්තාවක් ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා ලෙස මියගිය අයගේ බිරිඳ වන ශෂිකා නිශාමනී මුණසිංහට බලපෑම් කරන බවට ඇය විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත. අගතියට පත් පාර්ශවයේ නීතිඤ විජිත පුංචිහේවා සහ ජනාධිපති නිතිඤ හේමන්ත වර්ණකුලසූරිය අනාවරණය කරනු ලැබුවා.
සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ලගදිම ඇප ලැබිමට නියමිතය බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කලා.
හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි හා ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ගණුදෙනුව මොකක්ද?
හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි සම්බන්ධයෙන් ඇති චොදනා රැසක් පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න විසින් හොර රහසෙම සමතයකට පත්කර ඇති අතර ඒ අතර හොරෙන් ගස් කැපිම,ස්ත්‍රීයන් කිහිප දෙනෙකුට අතවර කිරිම සහ මුල්‍ය වංචා කිහිපයක්ද ඇති බව අප වාර්තාකරු අනාවරණය කර සිටියා.
ඒ පිළිබඳව සම්පුර්ණ අනාවරණයක් ලගදිම බලාපොරොත්තු වන්න …………………
අනිල් විරවන්නි ඇඹිලිපිටිය
Friday, June 3, 2016
චොක්ලට් කැල්ලට මිනිමරුවන්ට සෙත් පතන ඕමල්පේ සෝභිත
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment