ඇමති හරීන්ගෙන් තරුණයන්ට සහනදායී අන්තර්ජාල පැකේජයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

ඇමති හරීන්ගෙන් තරුණයන්ට සහනදායී අන්තර්ජාල පැකේජයක් 

ඇමති හරීන්ගෙන් තරුණයන්ට සහනදායී අන්තර්ජාල පැකේජයක් 
වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් සඳහා සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල දත්ත පැකේජයක් හඳුන්වාදීමට සාකච්ඡා කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජංගම දුරකථන සමාගම් සමග සාකච්ඡා කර අදාළ සහනදායී පැකේජයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා සඳහන් කරන්නේ එම සමාගම්වල ප්‍රතිචාරය ධනාත්මක බවයි.

මේ අතර ඊයේ(02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ දුරකතන සඳහා පනවා ඇති බදු දීර්ඝකාලීනව සිදු නොවනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad