කිසිඳු ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ පුවත්පත් දැන්වීමකින් හෝ පොදු ජනතාව දැනුවත් නොකර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ගුවන්තොටුපළ ස්ථීර කාර්යමණ්ඩල සඳහා සෙවකයින් බඳවා ගැනීමට මේ වනවිට කටුනායක ගුවන්තෝපළ පරිශ්‍රයේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් සිටින බව වාර්තා වනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතාද එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අශෝක් අබේසිංහ මහතා ද කටයුතු කරයි. රියදුරන් 10දෙනෙකු බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයෙන් හා 07දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.
ගුවන්තොටුපළ සේවකයන් පවසන්නේ පසුගිය පාලන සමයේ මාතර, හමුබන්තොට ආදී ප්‍රදේශවලින් අත්තනෝමතික ලෙස සේවකවන් පිරවූ ආකාරයටම වත්මන් පාලකයන් දැන් බදුල්ල, කුරුණෑගල ආදී ප්‍රදේශවලින් සේවක පුරප්පාඩු පුරවන බවයි. එසෙම ඔවුන් පවසා සිටියේ පවතින පුරප්පාඩු පිරවීමේදී පළමුව පියපුතු පදනම මත සේවකයන් බඳවා ගන්නා බවත් පසුව ඉතිරිවන පුරප්පාඩු සඳහා පොදු සම්මුඛ පරීක්ෂණවලින් සේවකයන් තෝරාගන්නා බවය.
මේ අතර ගුවන්තොටුපළ ස්ථීර පොදු කාර්ය සහයක වරුන් බඳවා ගැනීම සඳහා අත්තනෝමතික සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.
Thursday, June 2, 2016
ගුවන්තොටුපළට හොර පාරෙන් එයි -මෙන්න යහපාලනේ
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment