බෙදුම්වාදී යහපාලකයන් ආයුධ ගබඩාව පුපුරුවා හැරියා -තවත් තහවුරු වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

බෙදුම්වාදී යහපාලකයන් ආයුධ ගබඩාව පුපුරුවා හැරියා -තවත් තහවුරු වේ

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප කළ අනාවරණය තහවුරු කිරිමේ තවත් හේතු කිහිපයක්ම අනාවරණය වී තිබේ.

අද (ඉරිදා) දිවයින පුවත්පත සමග එක්වෙමින් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත සාලාවේ පිපිරීමට හේතු තුනක්‌ අනුමාන කර ඇති අතර ඒ අනුව (උපුටා ගැන්ම ඉරිදා දිවයින සාකච්ඡා කළේ පාලිත සේනානායක)
අපේ රටේ මෙවැනි අවි ගබඩා තවත් ස්‌ථානවල තිබෙනවා. පාරිසරික විද්‍යාඥයෙක්‌ විදිහට ඔබ අනුමාන කරන්නෙ මේ සිදුවීම කෙසේ වන්නට ඇද්ද?

කරුණු තුනක්‌ අනුමාන කරන්න පුළුවන්. ආයුධ ගබඩා කිරීම පිළිබඳ තිබෙන මූලධර්මවලට අනුව මේ ආයුධ ගබඩාව සකස්‌කර තිබුණාද? එසේ තිබුණා නම් ස්‌වාභාවික හේතූන් මත මෙවැන්නක්‌ සිදුවීමට ඉඩක්‌ නොමැති බවයි මගේ අදහස. පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ ගබඩා කර තිබෙන මෙවැනි ස්‌ථානයක අනිවාර්යයෙන් උෂ්ණත්වය පාලනය කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙන්නට ඕනෑ.

අවි ගබඩාවකට යම් ආකාරයකින් සතුරු ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් එය මැඬපවත්වා සතුරා අතට අවි ආයුධ පත්වීම වළක්‌වාගන්න බැරිවුවහොත් එම අවි ගබඩාව විනාශ කිරීමේ ක්‍රමවේදයකුත් තිබෙන්නට ඕන. කුමක්‌ හෝ හේතුවකින් ගින්නක්‌ ඇතිවුවහොත් එය ස්‌වයංක්‍රීයව නිමා දැමෙන ක්‍රමවේදයකුත් තිබෙන්නට ඕන. මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතාගේ මෙන්ම හමුදා ප්‍රධානින්ගේ අදහසද වන්නේ සාලාව කඳවුර පුපුරා යැම අහබුවක් නොවන බවයි.අප අරක්ෂක තොරතුරු වාර්තාකරුද එය තහවුරු කර සිටියා.

මේ අතර සිරාගේ පයිප බාසුන්නැහේ වන ආරක්ෂක ලේකම්වරයා කල පච අනාවරණයටද  යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදත්ත රණසිංහ නිසී පිළිතුරු ලබාදි තිබේ. මෙතෙක් ලෝකයේ කිහිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා ගොස් නැතැයි යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදත්ත රණසිංහ මහතා පවසයි. සාලාව කඳවුර පුපුරා ගියේ පෙරහුරුවකදී ඇති වූ ගින්නකින් බවට ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටි ආරච්චි මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

කඳවුරේ පෙරහුරු පැවැත්වෙන සත්‍ය නමුත් මෙම පිපිරීමට එය ඉඳුරාම සම්බන්ධ යයි නිසි පරීක්‍ෂණයකින් තොරව කිව නොහැකි යයිද ඔහු කියා සිටියේය. මේ අතර රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම සදහා ගෙනගිය කුමන්ත්‍රණයේ අප කල අනාවරණයන් අතරට තවත් සැක සහිත ප්‍රශ්ණාර්ථයක් එකතු වි තිබේ.

එනම් සාලාව හමුදා කඳවුරට ආහාර සපයන තැනැත්තා ප්‍රකාශ කර ඇත්තේ මෙදින සවස 5 ට පෙර ආහාර ලබාදෙන ලෙස දැනුම් දුන් බවයි. මෙය බරපතල සැකයක්‌ මතුකරන්නක්‌ වන අතර අප විසින් මතුකල ප්‍රශ්ණකාරි අවස්ථා මෙසේය

01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.
02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.
03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.
04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද?
05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?
6. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.
රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම

අවි ගබඩාවේ පිපුරුමේ වගකිම හමුදා කරමත -ආරක්ෂක මණ්ඩලය ලිස්සා යයි,පිපුරුමෙන් පසු කදවුරේ ඡායාරූප මෙන්න

යුද හමුදා අවි ගබඩාව පුපුරුවා හරි ආණ්ඩුවේ මෙහෙයුම,කඳවුරේ ආරක්ෂාව අඩපණ කල හැටි

ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?


No comments:

Post a Comment

Post Bottom Ad