මහින්ද ජපානයේ ජන හමුවට එයි (PHOTOS & VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මහින්ද ජපානයේ ජන හමුවට එයි (PHOTOS & VIDEO) 

ජපන් සංචාරයක නිරතව සිටින හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවන ජපන් ශ්‍රී ලාංකීය පෙළ ගැස්ම ජන හමුව සුකුබා අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද(12) ආරම්භ විය.

විමල් වීරවංශ හා රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ද එම ජන හමුව ඇමතීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජපානයේ සුකුබා අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවට විශාල ජනතාවක් පැමිණ ඇතැයි වාර්තා වේ. විශේෂ සංචාරයක් සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 10 වැනිදා අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගියේය.

එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විමල් විරවංශ, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්ත, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුබුර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සමග ජපානය බලා පිටත්ව ගියේය.

එම ඡායාරූප පහතින්,



















No comments:

Post a Comment

Post Bottom Ad