දීඝවාපිය නාහිමියෝ අපවත් වෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

දීඝවාපිය නාහිමියෝ අපවත් වෙති

දීඝවාපිය නාහිමියෝ අපවත් වෙති
අම්පාර දීඝවාපිය රජමහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියෝ ඊයේ (12) අපවත් වූහ.

දීඝවාපිය පුජා භූමියක් කිරීමට ඇප කැපවූ උන්වහන්සේ දීඝවාපිය සංරක්ෂණ කටයුතුවලටද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව සහයෝගය දුන්හ.

කාලයක සිට ගිලන්ව සිටි ඒ හිමියෝ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ. උන්වහන්සේ අපවත් වනවිට වයස අවුරුදු 93 කි. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දැනුම් දීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad