බැසිල්ගේ බල්ලන් නාවන්න ගිහින් රාවය බල්ලට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

බැසිල්ගේ බල්ලන් නාවන්න ගිහින් රාවය බල්ලට යයි

බැසිල් ‘රණවිරුවන්’ ලවා බල්ලන් නාවලා යනුවෙන් රාවය හෙවත් යහපාලන සුනඛ පරපුරේ සුකර සුනඛයෙකු වන අරුණ ජයවර්ධන නැමත්තා ලියා ඇති ලිපියට පිලිතුරු..

උපුටා ගැන්ම රාවය
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ඔහුගේ වටිනා සුනඛයන් දෙදෙනාට සත්කාර කිරීම සඳහා නාවික හමුදාවේ සෙබළුන් හය දෙනකු යොදවා තිබුණු බව වාර්තා වෙයි. ‘සුනඛ සංචිතය’ නමින් හැඳින්වුණු මේ නාවික සෙබළුන් කණ්ඩායමට සුනඛයන් බලාගැනීම, නෑවීම, ඇඟ පීරීම, බෙහෙත් ලබාදීම, ආහාර ලබාදීම, අණට කීකරු වීමට පුරුදු කිරීම යන රාජකාරි පැවරී ඇත.
උපුටා ගැන්ම අවසන්

රාවය පුවත්පතට පිලිතුරු:
අප ඉතා විස්වසනීය ලෙස දන්නා පරිදි ආණ්ඩුව විසින් රාවය පත්‍රය හා එහි සංස්කරණ ප්‍රතිපත්තිය පාලනය කරනු ලැබේ. බැසිල් සම්බන්ධ ඉහත අභූත චෝදනාව අදාළ පුවත්පතට ලැබුණේ එකී සම්බන්ධය තුළින් ය. මෙවන් දේ හරහා ආණ්ඩුව මෙන් ම එහි කොටස්කාර රාවය පුවත්පත ද අපේක්‍ෂා කරන්නේ පසුගිය කාලයේ ජනතාව ඉදිරියේ කීවූ මහාපරිමාන බොරු සීඝ්‍රයෙන් ක්‍ෂය වෙමන් තිබෙන සිය අනුගාමිකයින්ගේ ඇසතුළ තවදුරටත් නඩත්තු කිරීම හා රටේ ඇත්ත ප්‍රශ්න සඟවාලීම ය.

බැසිල් ඇත්තටම රණවරුවන් ලවා බල්ලන් නෑවූවේ ද? එය දිගු කතාවකි. යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී-විශේෂයෙන් ගෝඨාභයට බෝම්බ ගැසූ අවස්ථාවේ දී රාජපක්‍ෂවරුන් හමුවට පැමිණි බුද්ධි නිලධාරීන් ඔවුන්ට තරව කියා සිටියේ දැනට සිටින නිවෙස්වලින් වහාම ඉවත් වී තමන් විසින් හඳුනාගෙන ඇති නිවෙස්වලට යන ලෙස ය. ඔවුන්ගේ පුද්ගලික ගමන් බිමන් ඉතා දැඩිව සීමා කෙරුණි. 

සෑම සතියකටම වරක් සිය බිරිඳ පමණක් සමග හොර රහසේම බෙල්ලන්විල පන්සලට යෑමට පුරුදුව සිටි බැසිල්ට එය පවා තහනම් කෙරුණි. පන්සල් යෑමට අවශ්‍ය නම් රැකවලුන් සමග එ‍සේ යන ලෙස දැන්වූ අතර එක් වරක් පමණක් එසේ යාමෙන් පසු එය අතහැර දැමුණි. ඒ අන් හේතුවක් නිසා නොව පිනක් දහමක් කර ගැනීමට පන්සල් ගොස් ආරක්‍ෂකයින් විසින් උපාසක-උපාසිකාවන් එහෙට මෙහෙට ඇද දමමින් කළ කටයුත්ත තමාට බලා සිටීමට බැරි වූ නිසා බව ය. 

නව තත්වය යටතේ බැසිල් රාජපක්‍ෂට කොටුව ජනපති මැදුර අසල නාවුක හමුදා කඳවුරට අයත් කාමර දෙකේ කුඩා නිවසක් ලැබුණි. ඊට අල්ලපු නිවසේ පදිංචිව සිටියේ ජෙනරල් සරත් ෆොන්සේකා ය. බැසිල් සිය කෝකියා ද සමග එකී නි‍වසේ පදිංචියට ගියේ ය. සතියක් යන විට බුද්ධි අංශ විසින් බැසිල්ට දැනුම් දී තිබුණේ දමිළ ජාතිකයෙකු වූ ඔහුගේ කෝකියා ඉවත් කරන ලෙසය. 

ඒ වන විට ප්‍රභූ නිවෙස්වල රැකියා කළ දෙමළ ජාතිකයින් එල්ටිටිය විසින් සිය ඉලක්ක සඳහා පාවිච්චි කිරීම ඊට හේතු විය. ප්‍රේමදාස මහතා මරා දැමූ බාබු ඔහුට ලංව තිබුණේ ප්‍රේමදාස මහතාගේ කොණ්ඩය ඩයි කළ තැනැත්තා හරහාය. මේ අනුව ඉවත් කළ දමිළ කෝකියා වෙනුවට බැසිල් සිය ගමේ කෙනෙකු නිවසට රැගෙන එන්නේය. මොහු පිළිබඳ සොයා බැලූ බුද්ධි අංශ බැසිල්ට දැනුම් දී තිබුණේ අදාළ පුද්ගලයාගේ පියා පොල් හොරකමකට ලක් ව සිටින නිසා ඔහු ද ප්‍රශ්නකාරි බවය. 

පසුව ඔහු ද ගෙදර යැවුණි. මේ වන විට බැසිල් සතුව සුරතල් සුනඛයින් දෙදෙනෙකු සිටි අතර ඔවුන් තමා නිවසින් පිටව සිටින විට රැක බලා ගැනීම ප්‍රශ්නයක් විය. ඒ අතරවාරයේ, බාහිර පුද්ගලයින් නිවෙසට ගෙන ඒම බුද්ධි අංශ විසින් සීමා කරණු ලැබුණි. බැසිල්ට නාවුක හමුදාවේ ආපන ශාලාවෙන් සිය කෑම ගෙන්වා ගැනීමට මේ අනුව සිදුවිය. මහින්ද රාජපක්‍ෂ මහතාට ද මෙම කඳවුරෙන්ම කෑම වේල ලැබී තිබුණි.

ආහාර ප්‍රශ්නය විසඳුනද සුනඛයක් බලා ගැනීමට වැඩපිළිවෙලක් යෙදීම ය. මේ අනුව, කරන්නාගොඩ මහතාගේ සුනඛයා එළිපහළියට ගෙන යන විට බැසිල්ගේ සුනඛයා ද අදාළ සෙබළා විසින් ගෙන ගොස් ආපසු නිවසට ඇරලවා තිබුණි. රාවය පුවත්පත අද දින සිය සිරස්තලය කරගන්නේ ද ජනාධිපති කොමිසමක් හරහා මහාපරිමාන වංචාවක් ලෙස විභාග වන්නේ ද මේ කාරණයයි.

No comments:

Post a Comment

Post Bottom Ad