හිටපු ASPට පොලිස් ආරක්ෂාව - සෝභිත හිමි සෙත් පතයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

හිටපු ASPට පොලිස් ආරක්ෂාව - සෝභිත හිමි සෙත් පතයි (PHOTOS)

හිටපු ASPට පොලිස් ආරක්ෂාව - සෝභිත හිමි සෙත් පතයි (PHOTOS)
මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මාස 4ක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතාට ඊයේ (02) දින ඇප නියම වූ අතර ඔහු තම නිවස බලා යෑමට ප්‍රථමයෙන් ඕමල්ලේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය හමුවී ආශිර්වාද ලබාගත් බව වාර්තා වේ.

ඒ අනුව ඇප මත නිදහස් වූ හිටපු පොලිස් අධිකාරීවරයා පොලිස් ජිප් රියක ආරක්ෂාව යටතේ බෝධිරාජාරාමයට ගොස් අැති අතර එහිදී හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි ඇතුළු සංඝරත්නය සධාතුක කරඬුව හිසේ තබා පිරිත් දේශනා කර සෙත් පතා තිබේ.

අධිකරණය වෙත ඉදිරිපත් කළ මෝසමකට අනුව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා ඇප මත මුදා හැරි අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර කෙරිණි. 

පාසල් ගුරුවරයෙක් හා ඉඩම් හිමි වැවිලිකරුවෙක් ඒ මහතාට ඇප ලබා දී තිබේ. මේ අතර ඊයේ රත්නපුර මහ රෝහලේදී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිඳ තම දෙවැනි දියණිය බිහි කළ බව ද වාර්තා වේ.
සුමිත් ප්‍රසන්න මහතා මියයන විට ඔහුගේ වැඩිමල් දියණියට වයස අවුරුදු 8කි.

ඡායාරූප පහතින්...
asp_201663
asp_2016632
asp_2016633
asp_2016634jpg
asp_2016635
asp_2016636g
asp_2016638 

No comments:

Post a Comment

Post Bottom Ad