ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 සැසිය අද ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 සැසිය අද ඇරඹෙයි

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 සැසිය අද ඇරඹෙයි
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි  සැසිවාරය අද (13) සිට ආරම්භවේ. එම සැසිය ජූලි 01 වන දින දක්වා පැවැත්විමට නියමිතය.

රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තා එහිදී සැලකිල්ලට ගන්නා අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද අවධානය යොමු වනු ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය කාලය තුළ වරින් වර දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ ඔහු විසින් සකස් කළ වාර්තා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව විවිධ සංවිධාන පෙන්වා දෙයි.

මේ හේතුවෙන් වර්තමානය වන විට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගී ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad