FCID විසුරුවන්නේ නැහැ - අජිත් පී.පෙරේරා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

FCID විසුරුවන්නේ නැහැ - අජිත් පී.පෙරේරා (VIDEO)

FCID විසුරුවන්නේ නැහැ - අජිත් පී.පෙරේරා (VIDEO)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරීමේ අදහසක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එවැනි තොරතුරක් ඇතැයි කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඔහු ඒ බව සඳහන් කළේය. එෆ්සීඅයිඩිය තවත් ශක්තිමත් කර වත්මන් ආණ්ඩුවේ කවුරුන් හෝ හොරුන් සිටීනම් ඒ අයටද දඬුවම් කිරීමට එහි රැගෙන ආ යුතු බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසී ය.

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පදනම් විරහිතව එවැනි තොරතුරක් ප්‍රකාශ කර ඇති බවත් කිසිවිටක මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවීමට නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටවූයේ විශේෂ අරමුණක් ඇතිව. ඒ තමයි ලෝක හොරු අල්ල ගන්න එක. ඒ නිසා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට කලකිරෙන්න කිසිම හේතුවක් නැහැ. ඔවුන් බොහොමයක් විමර්ශන අවසන් කරලා නීතිපතිට භාරදීලයි තිබෙන්නේ. 

මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවන්න නොවෙයි තවත් ශක්තිමක් කරලා අපේ ආණ්ඩුවේ කවුරු හරි හොරකමට සම්බන්ධයිනම් එවුන්ව අල්ල ගන්නත් අනාගතයේ හොරකම් සිදු නොවෙනන්ත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අවශ්‍යයි. ඒනිසා සුනිල් හදුන්නෙත්ති මහතා කරපු ප්‍රකාශය පදනම් විරහිතයි.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.


No comments:

Post a Comment

Post Bottom Ad