පිල් මාරුවට සාකච්ඡා 3ක් අවසන්: ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 8ක් ආණ්ඩුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

පිල් මාරුවට සාකච්ඡා 3ක් අවසන්: ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 8ක් ආණ්ඩුවට

පිල් මාරුවට සාකච්ඡා 3ක් අවසන්: ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 8ක් ආණ්ඩුවට
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 08දෙනෙකු රජයට එක්විම සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 08දෙනාගෙන් 07දෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර එක් අයෙක් වමේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බව වාර්තා වේ.

ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් දරන ඇමැතිවරයෙකු හා තවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු සමගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු සමගත් සාකච්ඡා වට තුනක් පවත්වා ඇති බවටද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලබන සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග ඉහත ඇමැතිවරුන් තිදෙනා සාකච්ඡා කොට තීරණාත්මක අවසන් එකඟතාවකට පැමිණීමටද නියමිතය. ඒ අනුව ඔවුන්ට ලබා දෙන වගකීම් සම්බන්ධයෙන් මෙම ඇමැතිවරුන් තිදෙනා අත එම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමටද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad