තොණ්ඩමාන්ට කැබිනට් ඇමැතිධුරයක් - පක්ෂයක් එක්ක ලඟදීම ආණ්ඩුවට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

තොණ්ඩමාන්ට කැබිනට් ඇමැතිධුරයක් - පක්ෂයක් එක්ක ලඟදීම ආණ්ඩුවට  

තොණ්ඩමාන්ට කැබිනට් ඇමැතිධුරයක් - පක්ෂයක් එක්ක ලඟදීම ආණ්ඩුවට  
එක්සත් ජනතා නිදහස් සන්ධාන හවුල්කාර පක්ෂයක් වන ආරුමුගන් තොණ්ඩමන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය ලබන සතියේ සිට රජයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ලංකා කම්කරු කොංග්‍රසය මෙලෙස රජයට එකතුවීමත් සමග එහි නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාට රජයේ කැබිනට් ඇමැතිධුරයක් හිමිවීමටද නියමිතය. ඊට අමතරව ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් තවත් නියෝජ්‍ය ඇමැතිධුරයක්ද ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර එහිදී ලබා දෙන අමාත්‍යාංශ සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad