ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් මිලියන 64 ක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක් යටතේ බස්‌නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරින් ස්‌ටෙලා රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එම නඩුවේ විත්තිකරුවන් තිදෙනාට ලබන 17 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍ය තිලක මහතා ඊයේ 03 දා සිතාසි නිකුත් කළේය.
2010.04.10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සුරංජිත් ක්‍රිස්‌ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා බියකර අවස්‌ථා කිහිපයකදී චෙක්‌පත් පහක් මගින් එකී මුදල ලබාගැනීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යනාදී අධි චෝදනා 15 ක් විත්තිකරුවන්ට එරෙහිව නගා තිබිණි. පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් සිදුකළ පරීක්‌ෂණවලින් අනාවරණය වූ තොරතුරු හා සාක්‌ෂි අනුව ප්‍රසන්න රණතුංග මොරින් ස්‌ටෙලා රණතුංග හා නරේෂ් කුමාර් µdරිස් නමැත්තන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති එම අධිචෝදනා සනාථ කිරීම සඳහා සාක්‌ෂිකරුවන් 65 දෙනකු හා ලේඛන 35 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතිපතිවරයා මහාධිකරණයට පෙන්වා දී තිබිණි. එම විත්තිකරුවන් එකී මුදල තමන්ට ලබාදෙන බවට පැමිණිලිකරුවන්ගේ පොරොන්දු නෝට්‌ටු ලබාගෙන ඇතැයි ද පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අනවසර පවුල් 24 ක් පදිංචි ඉඩම් කොටසක් එහි පදිංචිකරුවන්ව ඉවත් කොට ලබාදෙන බව පවසා එලෙස මුදල් ලබාගෙන ඇතැයි පැමිණිල්ලෙන් කියෑවිණි.
Sunday, June 5, 2016
බස්‌නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමති ප්‍රසන්නට අධිචෝදනා 15ක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment