ලංකාවට කොකා පෙන්වා ඉතියොපියන් ගුවන් සේවය එයර් බස් 14 මිලට ගනී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ලංකාවට කොකා පෙන්වා ඉතියොපියන් ගුවන් සේවය එයර් බස් 14 මිලට ගනී…

ඉතියොපියන් රජය සතු ඉතියොපියන් ගුවන් සේවය නවතම එයර් බස් [Airbus A350x900 WB] 14ක් ඇනවුම් කර ඇති බව ප්‍රoශයේ එයර්බස් සමාගම තොරතුරු අනුව හෙලිවේ මෙය දැනට එම ගුවන් සේවය සතු ගුවන් යානා 76 ට අමතරවයි, සේවයින් 7000 කට වැඩි පිරිසක් එම ගුවන් සේවාවේ සේවය කරයි.

ලෝකයේ ඇති ඉතාම දිලිදු රටක් වන ඉතියොපියාවේ වාර්ෂික එකපුද්ගල ආදායම් ඇ. ඩොලර් 550 ක් පමන වන අතර එහි ජනගහණය මිලියන 97 කි. එම රටේ දල දේශීය නිෂ්පාදනය ඇ.ඩොලර් බිලියන 50කි .

ශ‍්‍රී ලංකන් එයර්ලයින් සමගම පසුගිය රජය සමයේ ඇනවුම් කරන ලද නවතම එයර් බස් [Airbus A350x900 WB] 8 තාවකාලික අත්හිටුවු අතර එය ශ‍්‍රී ලංකා වෙත ලගා විමට තිබුණේ මෙම වසරේදී 3කුත් ඉදිරි වසරේ ඉතිරි ප්‍රමාණයයි,

ඉතියොපියාව සමඟ සැසඳීමේදී ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම මේ වනවිට ඇ ඩොලර් 4000ත් ඉක්මවා ඇති අතර රටේ දල දේශීය නිෂ්පාදනය ඇ.ඩොලර් බිලියන 80 ක් පමණ වන ලෝකයේ මධ්‍යම ප්‍රමාණයේ දියුණු රටකි.

– Sekara

No comments:

Post a Comment

Post Bottom Ad