සාලාවේ නිවාස 100ක් හමුදාව පිළිසකර අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සාලාවේ නිවාස 100ක් හමුදාව පිළිසකර අවසන්

සාලාවේ නිවාස 100ක් හමුදාව පිළිසකර අවසන්
කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ පිපිරීමෙන් සුළු හෝ අර්ධ වශයෙන් හානි වූ නිවාස 100ක් ඊයේ (12) දිනය වනවිට අලුත්වැඩියා කොට ඒවාහි පදිංචිකරුවන් වෙත භාරදුන් බව බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ආඥාපතිවරයා කියාසිටියේ එම නිවෙස්වල වහල සම්පූර්ණයෙන්ම පිළිසකර කර පදිංචිකරුවන්ට එහි වාසය කිරීමට හැකි තත්ත්වයට මේ වනවිට පත්කර ඇති බවත් සෙසු පිළිසකර කිරීම් පදිංචිකරුවන් සිටියදීම සිදුකරන බවත් ය. මීට අමතරව සම්පූර්ණයෙන්ම හානි වූ නිවෙස් හා ගොඩනැගිලි යළි ඉදිකරමින් පවතින බව ද ආඥාපතිවරයා සඳහන් කළේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ ප්‍රදේශයේ පිහිටි සියලු පාසල් ගොඩනැගිලි සහ පාසල් භූමි පරීක්ෂාවට ලක්කර ඒවාහි ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එම පාසල්වල සියලු ළිං ජලය පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම ජලය බීමට සුදුසු මට්ටමක ඇති බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad