නුගේගොඩ මහේස්ත්‍රාත්ගේ තීන්දුව අත්හිටුවයි - තිලිණගේ ඇප අවලංගුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

නුගේගොඩ මහේස්ත්‍රාත්ගේ තීන්දුව අත්හිටුවයි - තිලිණගේ ඇප අවලංගුයි

නුගේගොඩ මහේස්ත්‍රාත්ගේ තීන්දුව අත්හිටුවයි - තිලිණගේ ඇප අවලංගුයි
බලපත්‍ර නොමැතිව අලියකු තබා ගත්තැයි අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සොයමින් සිටි කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඇප නියම කරමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පසුගිය 02 වැනි දා දුන් නියෝගය ලබන 21 වැනි දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා අද(13) නියෝග කළේය.

එම නඩු ගොනුව මහාධිකරණයට ලැබීමට සලස්වන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස තිලිණ ගමගේ මහතාට නොතීසි නිකුත් කළේය. නීතිපතිවරයා විසින් ගොනු කැරුණු ඇප ප්‍රතිෂෝධන අයදුම්පත සලකා බැලීමෙන් පසු එම නියෝග නිකුත් කැරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad