අයහපත් කාලගුණය සමග බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් අතුරුදන්වු සංඛ්‍යාව 127 කි. දිස්ත්‍රික්ක 22 කට බලපෑ අයහපත් කාලගුණයෙන් අවතැන් වී ඇති පිරිස තුන් ලක්ෂ 46,514 කි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කළේ කාලගුණය යහපත් අතට හැරෙමින් පවතින බවයි.
ඉහළ ගිය කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කැළණි ගඟේ ගංවතුර ඉහලටම තිබූ අවස්ථාවේ අවිස්සාවේල්ලේ අඩි 65ක ජල මට්ටමක් තිබූ අතර එය මේවන විට අඩි 42 දක්වා පහල ගොස් තිබේ. හංවැල්ලේ මීටර් 10ක් ව තිබූ ගංවතුර තත්ත්වය මේවන විට මීටර් 8.2 දක්වා අඩි 6ක් පමණ පහලට ගොස් තිබේ. නාගලම්වීදියේ ජල මාපකයේ ජල මට්ටම අඩි 7.6ට ඉහල ගොස් තිබූ අතර එය මේවන විට අඩි 6.8 දක්වා අඩුවී ඇත.
කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අඟල් 6ක් පමණ ජල මට්ටම පහල ගොස් ඇති බවත් විශාල ජලාශ 23ක් පිටාර ගැලූ අතර මේවන විට එය ජලාශ 7කට අඩුවී තිබේ. මේ හේතුවෙන් ගංවතුර තත්ත්වය පහව යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා පවසයි. ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවගේ දේපළ ආරක්ෂාව සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment