අඹතලේ ජල පවිත්‍රාගාරය ආශ්‍රිත ජල මට්ටම මේවන විට අඩි 19.11ක පවතින බවත් එය අඩි 23 දක්වා වැඩි වුවහොත් ජලපවිත්‍රාගාරය වසා දැමීමට සිදුවන බවත් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ පවත්නා ආපදා තත්ත්වය පිළිබඳව ඊයේ(20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. කැලණි ගඟේ ජල මට්ටමේ අඩුවක් මේවන වාර්තා වී ඇති බැවින් දැනට පවත්නා තත්ත්වය යටතේ ජල පවිත්‍රාගාරය වසා දැමීමට තරම් අවදානමක් මතුව නැති බව අමාත්‍යවරයා පැවසී ය.
මේ අතර ජල පවිත්‍රාගාරය වසා දැමීම සම්බන්ධයෙන් මෙන්ම එහි ජලය අපවිත්‍ර වී ඇතැයි පැවසෙන ආරංචි අසත්‍ය බව ජලසම්පාදන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පොම්ප සියල්ල වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බවට ඊයේ වාර්තා විය.

No comments:
Post a Comment