උතුරේ ජනතාවත් මහ වැස්සෙන් අවතැන් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 20, 2016

උතුරේ ජනතාවත් මහ වැස්සෙන් අවතැන් (PHOTOS)

උතුරේ ජනතාවත් මහ වැස්සෙන් අවතැන් (PHOTOS)
සතියකට ආසන්න කාලයක් දිවයිනට අඛණ්ඩව ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් උතුරු පළාතේ විශාල ජනතාවක් පීඩාවට පත් වූ බව වාර්තා විය.

එම පළාත තුළ අවතැන්ව සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (19) දිනයේ දී කිලිනොච්චිය සහ පරන්තන් යන ප්‍රදේශවල ඇති අවතැන් කඳවුරු වෙත සංචාරයක නිරත වී තිබේ.

කුඩා ළමුන් සදහා අවශ්‍ය කිරි පිටි හිඟතාවයක් එම කඳවුරු තුළ ඇති හෙයින් හැකි ඉක්මනින් එම කිරිපිටි ලබාදීමට කටයුතු කරන ලෙස කිලිනොච්චි දිසාපතිවරයා වෙත රෙජිනෝල්ඩ් කුරේ මහතා උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන මගින් ඇදුම් පැළදුම් ද දිසාපති කාර්යාලය මගින් ජනතාවට අවශ්‍ය කෑම බීම ද ලබා දීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ. අප වාර්තාකරු සඳහන් කරන අන්දමට කිලිනොච්චිය ශාන්ත තෙරේසා විද්‍යාලයේ පවුල් 31ක් ද පරන්තන් හින්දු විදුහලේ පවුල් 47ක් ද මේ වනවිට ලැගුම් ගෙන සිටී.

ඡායාරූප පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad