අරණායක සාමසර කන්දේ නාය යෑමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය පවසයි.
අවතැන් කඳවුරු 12ක 2000කට වැඩි පිරිසක් රඳවනු ලැබ ඇති අතර ගංතුන ප්‍රදේශයේ අවතැන්වූවෝද ප්‍රධාන අවතැන් කඳවුරකට ගෙන ආ බව වාර්තා වේ. අද දහවල් 12 වන විට අරණායක අහස අඳුරු වී තිබෙන බව එහි සිටින පිරිස් පවසති.
සාමසර කන්දේ වෙනත් බෑවුමක කොටසක් පෙරදින රාත්‍රී නාය ගියද එම ප්‍රදේශවල සිටි පිරිස් අනතුර හඳුනාගෙන ඉවත් කර තිබූ නිසා හානියක් නොවූ බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය පවසයි. පෙරදින මහා වාර්ෂාවත් සමග සාමසර කන්දේ කලින් නාය ගිය ප්‍රදේශයේ යළිත් පස් කඩා වැටී තවත් පස් තට්ටුවක් පිරී තිබිණි.
විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන සලසන බව ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති. නාය ගිය ස්ථානයේ යළිත් නාය යෑම් ඇති විය හැකි බැවින් එම ස්ථාන දැක බලා ගැනීමට පැමිණීමෙන් වලකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි.
මේ අතර අරණායක අම්බලකන්ද පාර ගිලා බැසීමේ අවදානමක් පවතින බව වාර්තා වන අතර එම මාර්ගයේ අවතැන් කඳවුරක්ද පිහිටා තිබේ. එම මාර්ගය ගිලා බැසීමේ අවදානමත් සමග එම කඳවුරට ආහාර පාන ඇතුළු සහන කටයුතු සැලසීමේදී අපහසුවක් ඇති විය හැකි බවට ජනතාව පවසයි.

No comments:
Post a Comment