ගංවතුරේ ජීවිත බේරන්න මුදල් අයකරන අමානුෂික ජාවාරම ගැන Facebook හෙළිදරව්ව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 21, 2016

ගංවතුරේ ජීවිත බේරන්න මුදල් අයකරන අමානුෂික ජාවාරම ගැන Facebook හෙළිදරව්ව

ගංවතුරේ ජීවිත බේරන්න මුදල් අයකරන අමානුෂික ජාවාරම ගැන Facebook හෙළිදරව්ව
ගංවතුරට කොටු වී අසරණව සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා මුදල් අය කිරීමේ ජාවාරමක් පිළිබඳව කොටුවිල, කොලොන්නාව, වැල්ලම්පිටිය, කොහිලවත්ත සහ කැළණි මුල්ල ආදී ප්‍රදේශවලින් වාර්තා වේ.

සමාජ සත්කාරයක් ලෙස අඟවමින් මෙම ජාවාරම්කරුවන් විසින් ඊයේ (20) දින පුද්ගලික බෝට්ටු යොදාගෙන නිවෙස් වහලවල් මත කොටු වී සිටින්නන් ගොඩබිමට ගෙනැවිත් දැමීම සිදු කරන බව පැවසෙන අතර එම කාර්යය සඳහා ඔවුන් පීඩාවට පත් පුද්ගලයන්ගෙන් රුපියල් 5,000 සිට 20,000 දක්වා මුදලක් අය කරන බව යි සඳහන් වන්නේ.

ස්වභාවික ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට Facebook සමාජ ජාලය හරහා ප්‍රමුඛ කාර්යභාරයක් මේ වන විටත් සිදුවන අතර ඉහත ජාවාරම ද Facebook සටහනක් මගින් සිදුකරන ලද හෙළිදරව්වකි.

මෙම අමානුෂික ජාවාරම වැලැක්වීම සඳහා බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ද මෙම ‍Facebook සටහන මගින් ඉල්ලා තිබේ. තව ද මෙවැනි ජාවාරමක් ක්‍රියාත්මකවන බවට මෙම සටහනට අදහස් දක්වා ඇති පිරිස් විසින් ද තහවුරු කර ඇත.

එම Facebook සටහන පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad