බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන තෙමගුල සිහිපත් කරමින් අද(21) දිනයේ ලෝක වාසී බෞද්ධ ජනතාව වෙසක් උත්සවය මහත් අභිමානයෙන් සමරයි.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයයි.
විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් පෝ දිනකය. දිවයිනේ බෞද්ධ බැතිමතුන් ද අද දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මැල් තැන දෙමින් ආගමික වතාවත් වල නියැලෙයි.
වෙසක් පොහොය දිනය වෙනුවෙන් රටපුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි. දිවයිනේ තිබෙන වෙහෙරවිහාර ආශ්‍රිතව බෞද්ධ සැදැහැවත් පිරිස් අද උදැසනින්ම සිල් සමාදම් වීම සඳහා විහාරස්ථාන වෙත ගොස් සිටියේ ය. අයපත් කාලගුණය මධ්‍යයේ බෞද්ධ සැදැවතුන් ආගමික මධ්‍යස්ථානවල සිය ආගමික වතාවත් අළුයම සිටම ආරම්භ කළ අයුරු දැකගත හැකිය.
රටපුරා දන්සැල් සංවිධානය කර තිබෙන අයුරු දක්නට ලබෙන අතර විවිධ ආගමික හා ආගාමික නොවන සංවිධාන,ආයතන විසින් සංවිධානය කර තිබෙන වෙසක් කලාප රැසක් ප්‍රධාන නගර කේන්ද්‍රකරගනිමින් මෙවරත් පැවැත්වෙයි. මේ අතර තෘෂ්ණාව, ද්වේෂය, මුලාව වැනි අගතියෙන් මිදෙන මග යහපාලනයට මෙන්ම සමාජ පැවැත්මටද අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ ජාති, ආගම්, කුල බේද නොමැති සමානාත්මතාව ගරු කරන සාධාරණ සමාජයක අපේක්ෂාව බෞද්ධ සිත් සතන් තුළ වර්ධනය විය යුතු බවයි. වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දී තිබේ. නියම බෞද්ධයා යනු බහුජන හිත සුව පිණිස ක්‍රියාකරන්නා වන අතර පළමුව තමන් හැදී දෙවනුව අනුන් හැදීමට යොමුවීම වැදගත් බව වෙසක් දින පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

No comments:
Post a Comment