සිරකරුවන් 540කට විශේෂ රාජ්‍ය සමාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 21, 2016

සිරකරුවන් 540කට විශේෂ රාජ්‍ය සමාවක්

සිරකරුවන් 540කට විශේෂ රාජ්‍ය සමාවක්
මේ වනවිට බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 540 දෙනෙකු අද (21) දිනයේ දී ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේ ම තවත් පිරිසක් ඉදිරියේ දී එම සමාව යටතේ නිදහස්වීමට නියමිත බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන ඔහු විසින් වෙසක් පුරපසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් අදාල සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වැනි වගනිතිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ගෙන් දණ්ඩ නීති සංග්‍රහයේ විවිධ වගන්ති යටතේ දඬුවම් ලබන සිරකරුවන්ට රාජ්‍ය සමාවක් ලබාදීම සඳහා අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම කර ඇත.

අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශයට අනුව අද (21) වනවිට බන්ධනාගාර ගත ව සිටින සියලු සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ කොටසකට, සතියකට සමාවක් ලබාදීමට හා අද වනවිට දඩ මුදල් නොගෙවීම සමබන්ධයෙන් බන්ධනාගාර ගත ව සිටින සිරකරුවන් අතරින් අද වනවිට වසර 10කට වැඩි කාලයක් සිරගත ව සිටින සිරකරුවන්ගේ දඬුවම එදින සිට ඉදිරියේ අවුරුදු 20 ක සිරදඬුවමක් බවට පරිවර්ථනය කිරීමටත් තීරණය කර තිබේ.

අද වනවිට බන්ධනාගාර වසරකට වැඩි කාලයක් සිර දඬුවම් විඳින හා මරණීය දණ්ඩනය නියම වී ඇති සිරකරුවන් අතරින් වයස අවුරුදු 70 ඉක්ම වූ සිරකරුවන්ගේ ඉදිරියට ගෙවීමට ඇති දඬුවමේ ශේෂය චෝදනා වශයෙන් වර්ග නොකර පොදුවේ අහෝසි කිරීම හා නිර්දේශය මත වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමිවන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad