කිරුළපන රැලියට පැමිණි පුද්ගලයෙකු අතුරුදන්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

කිරුළපන රැලියට පැමිණි පුද්ගලයෙකු අතුරුදන්?

කිරුළපන රැලියට පැමිණි පුද්ගලයෙකු අතුරුදන්?
කිරුළපන ප්‍රදේශයේ පැවති මැයි දින රැලියකට සහභාගීවීමට බද්දේගම ගනේගම ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි එම පුද්ගලයාගේ ඥාතීන් විසින් ඊයේ (03) බද්දේගම පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ.පී. රණසිංහ නැමති 66 හැවරිදි සිවුදරු පියෙකු මෙසේ අතුරුදන්ව ඇත. සිය නිවස අසලින් කිරුළපනේ පැවති මැයි දින රැලියට සහභාගී වීම සඳහා පසුගිය 01 වන දා උදෑසන 8.00 ට පමණ අනිකුත් පාක්ෂික පිරිසක්ද සමග බස්රථයකින් පැමිණි මොහු නැවතත් නිවසට නොපැමිණි බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත. බද්දේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad