වියට්නාම බලධාරීන් මවිතයට පත්කරමින් අහසින් පොලවට වැටුණු අද්භූත වස්තුව! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 31, 2016

වියට්නාම බලධාරීන් මවිතයට පත්කරමින් අහසින් පොලවට වැටුණු අද්භූත වස්තුව!


වියට්නාමයේ උතුරු චීන දේශ සීමාව අසලට අහසින් විශාල ලෝහමය වස්තූන් 3ක් ඇදවැටී තිබෙන බව විදෙස් මාද්‍යය වාර්තා කරයි. අහසින් ඇදවැටුණු බවට සැක කරන එම වස්තූන් පිළිබඳව එරට හමුදා විශේෂඥයින්ද පසුවන්නේ විශාල කුතුහලයකිනි. එරට මාද්‍යය වාර්තා කර සිටින පරිදි, වියට්නාමයේ ටුයෙන් ක්වැන් පළාතේ තැනින් තැන එම ලෝහමය වස්තූන් 3 විසිරී තිබෙනවා දැකගන්නට පුළුවන්.

ඒ අතර ඇති විශාලතම වස්තුවේ බර කිලෝග්?ම් 45ක් පමණ වන අතර එය හමුවී තිබුනේ ඇළ පාරක් අසලකදීයි. එම වස්තූන් පොලවට ඇදවටෙන්නට මිනිත්තු කිහිපයකට පමණ පෙර අහසින් ගෙරවිල්ලක් වැනි විශාල ශබ්දයක්ද ඇතිවුන බව ප‍්‍රදේශ වාසීහු පවසති. එම වස්තූන් අතර තිබු කිලෝග්?ම් 6ක් පමණ බර ගෝලාකාර වස්තුව නිවසක වහලය ඔන්න මෙන්න තිබියදී ගෙවත්තක් මතට පතිත වී තිබෙනවා. 

නමුත් ඒ අතර තිබු ග්?ම් 250ක් පමණ බර කුඩාම වස්තුව නම් වහලයක් මතට ඇදවැටී තිබෙන බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා. වියට්නාමයේ ආරක්ෂක නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙන පරිදි, මෙය රුසියාවේ නිෂ්පාදිත වස්තුවකි. නමුත් එය ඔවුන් විසින් වෙනත් පාර්ශවයකට විකුණනු ලැබූ එකක්ද වෙන්නට පුළුවන්.එය ගුවන් යානයක හෝ රොකට් එකක සම්පීඩක වායු ටැංකියක් විය හැකි බවයි ඔවුහු වැඩිදුරටත් විශ්වාස කරන්නේ.

එම වස්තූන් දැනටමත් පොලවට පතිතවී ඇති නිසා පොදු ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බව එරට රජය විසින් නිවේදනය කර ඇත. එරට මහාචාර්යය වරයෙකු පවසා සිටින්නේ, එය චන්ද‍්‍රිකාවක ඉන්ධන පද්ධතියක කොටස් කිහිපයක් විය හැකි බවයි. එය කක්ෂගත කිරීම්දී අසමත්වූ චන්ද‍්‍රිකාවකින් ගිලිහී වැටුණු කොටස් වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව එම මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.

 

No comments:

Post a Comment

Post Bottom Ad