ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සුප්‍රකට මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වී තිබේ. 83 වැනි වියේ පසු වූ මහාචාර්යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එලෙස මිය ගොස් ඇත.
ඈෂ්ලි හල්පේ මහතා ඉංග්‍රීසී භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු බවට පත් වනවිට ඔහුගේ වයස අවුරුදු 31 ක් වූ අතර එවකට එසේ පත් වූ ළාබලතමයා වූයේ ද ඔහු ය. මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුර ඇතුළු තනතුරු රැසක කටයුතු කර ඇති අතර විදේශ විශ්වවිද්‍යාල රැසක ආරාධිත මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමතර ව ඔහු නාට්‍ය හා රංග කලාව, සංස්කෘතික අධ්‍යයනය ආදී ක්ෂේත්‍රවලට ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ. මහාචාර්වරයාගේ දේහය හෙට (17) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට රැගෙන එන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 03.00ට මහයියාව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

No comments:
Post a Comment