උපත් පාලන දැන්වීම් තහනම් කෙරෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 30, 2016

උපත් පාලන දැන්වීම් තහනම් කෙරෙයි

උපත් පාලන සහ පවුල් සැලසුම් සම්බන්ධයෙන් වන සියලුම ප‍්‍රචාරණ දැන්වීම් තහනම් කිරීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ දැන්වීම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි පාකිස්ථාන රූපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය එරට රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනවලට දැනුම් දී ඇත්තේ.

උපත් පාලන දැන්වීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එවැනි දැන්වීම් හරහා දරුවන්ගේ කුතුහලය ඇවිස්සෙන බවටද පැමිණිලි ලැබී තිබෙනවා.

ලොව වැඩිම ජනගහණයක් වෙසෙන රටවල් අතර පාකිස්ථානයට 06 වන ස්ථානය හිමිව තිබෙනවා. එරට උපත් පාලන පහසුකම් අවම මට්ටමක පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad