හයිද්‍රාබාද් අයි. පී. එල්. ශූරතාව දිනයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 30, 2016

හයිද්‍රාබාද් අයි. පී. එල්. ශූරතාව දිනයි (VIDEO)


2016 IPl ක්‍රිකට් තරගාවලියේ ශූරයින් වන්නට ඩේවිඩ් වෝර්නගේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (29) සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී විරාත් කෝලිගේ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ලකුණු 8 කින් පරාජය කරමින්.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL කිරුළක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වනවා. ශූරතාව දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් කටයුතු කිරීම ද විශේෂයක්. ශූරතාව දිනා ගත් ඔවුන්ට මෙවර හිමි වූ මුදල් ත්‍යාගය ඉන්දීය රුපියල් කෝටි විස්සක්. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 40 කට අධික වනවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 208ක් රැස් කළා. එය වාර්තා වූයේ අයි පී එල් ඉතිහාසයේ අවසන් මහ තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට ලෙසටයි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝර්නර් පන්දු 38කදී ලකුණු 69ක් රැස් කළා.


ලකුණු 209 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි රෝයල් චැලේන්ජ්ර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 200ක් පමණයි. 


ක්‍රිස් ගේල් සමගින් කෝලි සාර්ථක ආරම්භයක් ලබාදුන්නද ඉතිරි ක්‍රීඩකයින් කණ්ඩායම ජයකණුව වෙත ගෙන යාමට හැකිවුණේ නැහැ. ගේල් සහ කෝලි පළමු කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. ගේල් පන්දු 38කදී හයේ පහර 8ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 76ක්.  විරාත් කෝලි ලකුණු 54ක් රැස් කළා. තරගයේ වීරයා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ බෙන් කටින්ග්. 

2016 අයි පී එල් ක්‍රිකට් තරගාවලයේ වීරයා ලෙස බැංග්ලොර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ විරාත් කෝලි සම්මාන දිනා ගත්තා. ඔහු මෙවර තරගාවලියේ තරග 16 කට එක්වෙමින් ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 973 ක්. අයි පී එල් ඉතිහාසයේ තරගාවලියක ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද  වනවා.


සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 7 කට 208
(ඩේවිඩ් වෝනර් 69, ශිකර් ධවාන් 28, යුවරාජ් සිං 38, බෙන් කටින් නොදැවී 39, කි‍්‍රස් ජෝදාන් 45/3, ශ්‍රීනාත් අරවින්ද් 30/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 7 කට 200
(කි‍්‍රස් ගේල් 76, විරාට් කෝලි 54, සචින් බේබි 18, බෙන් කටින් 35/2) 



No comments:

Post a Comment

Post Bottom Ad