'සිල් රෙදි නඩුවේ' සාක්ෂි විභාගය අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 25, 2016

'සිල් රෙදි නඩුවේ' සාක්ෂි විභාගය අරඹයි

'සිල් රෙදි නඩුවේ' සාක්ෂි විභාගය අරඹයි
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක් ඉකුත් ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (25) කොළඹ මහාධිකරණයේදී ආරම්භ කෙරිණි.  

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් එහි අධි චෝදනා ලබා තිබේ.

සාක්ෂි විභාගය ආරම්භ කරමින් අද මුලින්ම සාක්ෂි ලබාදී ඇත්තේ ඇඟලුම් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු වන සුමතිපාල හෙට්ටිආරච්චි මහතායි. වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි මස 13 වෙනිදාට කල් තැබිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad