ජී 7 ගාගෙන ගිය සිරිසේන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 25, 2016

ජී 7 ගාගෙන ගිය සිරිසේන

ජපානයේ පැවැත්වෙන ජී 07 සමුලුව සදහා ආරාධනා ලද එකම ශ්‍රි ලාංකිකයා තමන් යනුවෙන් පරසක්වල ගසමින් ජනාධිපති සිරිසේන මහතා අද (25) ජි.කේ 348 එමිරේට්ස් ගුවන් යානයෙන් ජපානය බලා ගියද ඇත්තටම සිරිසේන උන්නැහේ ගොස් ඇත්තේ ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුවට සහභාගි විමට බව අනාවරණය වි තිබේ.

අදාළ සමුලුව කාර්මික රටවල් 7 ක කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවක් වන අතර ඒ සදහා ඇමරිකාව,ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය,කැනඩාව,ඉතාලිය සහ ජපානය පමණක් ඇතුලත් වන අතර එහි පලමු දිනයේ පැවැත්වෙන (Cocktail party hosted by Prime Minister & Mrs. Abe)රාත්‍රී සාදය සදහා සහභාගි විමට පමණක් සිරිසේන ජනාධිපතිවරයාට ඇතුලු අනිකුත් ආරාධිතයන්ට අවස්ථාව උදාවන අතර ඊට අමතරව සත්කාරක රැස්විමේ (Outreach Meeting) විනාඩි 30ක දේශනයකට සවන් දිමටද අවස්ථාව උදාවනු ඇත.

Outreach Meeting අමුත්තන් ….

H. E. Sheikh HASINA, Prime Minister of the People’s Republic of Bangladesh

H. E. Mr. Idriss DEBY ITNO, President of the Republic of Chad

H. E. Ir. H. Joko Widodo, President of the Republic of Indonesia

H. E. Dr. Thongloun SISOULITH, Prime Minister of the Lao People’s Democratic Republic

Hon. Peter O’NEILL, Prime Minister of the Independent State of Papua New Guinea

H. E. Mr. Maithripala SIRISENA, President of the Democratic Socialist Republic of Sri Lanka

H. E. Mr. Nguyen Xuan PHUC, Prime Minister of the Socialist Republic of Viet Nam

H. E. Mr. BAN Ki-moon, Secretary-General of the United Nations

H. E. Ms. Christine LAGARDE, Managing Director of the International Monetary Fund

H. E. Dr. Jim Yong KIM, President of the World Bank

H. E. Mr. Angel GURRIA, Secretary-General of the Organisation for Economic Co-operation and Development

H. E. Mr. Takehiko NAKAO, President of the Asian Development Bank

සාමාන්‍යයෙන් සැම G7 සමුලුවකම ප්‍රධාන රටවල් වලට අමතරව තමන්ගේ විවිධ උපක්‍රම සදහා බාවිතා කරන රටවල් ඉලක්ක කර පතොල නායකයන්ට ආරාධනා කිරිම සිරිතක් ව තිබේ.එහිදි වැඩිපුරම සලකා බලනුයේ ඒ සදහා අදාළ රටවල් වලින් ලැබෙන ඉල්ලිම් වන අතර ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශය හරහාද ඒ වැනිම ඉල්ලිමක් පසුගිය සමයේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සිදුකර තිබේ.
G7 
එම ලැබෙන ඉල්ලිම සලකා බැලිමට වඩා රටවල් හතේම නායකයන්ගේ වැඩි කැමත්ත සමුළුවේ වත්මන් සභාපතිවරයාට දැනුම් දෙන අතර ඒ අනුව එම ආරාධනය කරනු ලැබේ.

Guest Invitees ලෙස ඔහුන් හදුන්වන අතර G7 වැනි ලෝක සමුලුවකට ආරාධනා කිරිමෙන් එම රටේ නායකයන්ට සිඟිති ආතල් එකක් දිම ප්‍රධාන අරමුණ වි තිබේ.සිරිසේන ජනාධිපතිවරයාට අමතරව මෙම අවස්ථාවට ආරාධනා ලද අනිත් නායකයා වන්නේ වියට්නාම අග්‍රාමාත්‍ය Nguyễn Xuân Phúc යන තැනැත්තායි.

මිට අමතරව මෙම සමගාමි හමුව සදහාG7 සමුලුවේ නායකයන් 7 දෙනා අතර ජර්මනියේ ජර්මානු ෆෙඩරල් රජයේ චාන්සලර්වරිය වන ආචාර්‍ය ඇන්ජෙලා මාර්කර්.බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය,ඩෙවිඩ් කැමරන්,ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සිස් හොලන්ඩේ,කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටෙෆන් හාපර් හා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා යනු බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මත ශ්‍රි ලංකාව දෙකඩ කර වෙනම රාජ්‍යයක් කොටි ත්‍රස්තවාදීන්ට නිර්මාණය කිරිමට මේ වනවිටත් බෙදුම්වාදී ඩයස්පොරාව සමග සමිපව කටයුතු කරන කල්ලියකි.

පසුගිය වසර එකහමාරක් වැනි කාලයක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම රාජ්‍ය නායකයන් හමුවුයේ පස්වනක් ප්‍රීතියට පත් අපතයෙකු ලෙසිනි.මිට පෙර ජර්මනියේ,බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ සංචාරය කල අවස්ථාවේ සිරිසේනගේ පතොල ගතිය දුටු රාජ්‍ය නායකයන් G7 සමුලුව නියෝජනය කිරිමේදි සිරිසේනගේ අයදුම්පත්‍රය ප්‍රතිකේෂ්ප විමට කිසිදු අකාරයේ අවස්ථාවක් නැත.

2015 වසරේ G7 41 වන සමුලුවට ආරාධනා ලද රටවල් 

G7_2015

No comments:

Post a Comment

Post Bottom Ad