කොටි විරු සැමරුම් සතිය තුල ඔහුන්ගේ ක්‍රියාකාරකම් වලට බාධාවක් වන කාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය උතුරේ හමුදා ප්‍රධානින්ට නියෝග නිකුත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
උතුරේ හමුදා ප්‍රධානින් පසුගියදා කොළඹට ගෙන්වා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම නියෝග ලබාදි ඇති අතර නියෝග කඩකරන්නන්සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය අවධානයෙන් පසුවන බවද දැනුම් දි තිබේ.
“ජන සංහාර සතිය” නමින් මියගිය කොටි ත්‍රස්තවාදීන් සරමණ සතියක් ඊයේ සිට ප්‍රකාශයට පත්කර ඇති බව පැවසූ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා යුද්ධයේදී දෙමළ ජන සංහාරයක් සිදුවූ බවද, ඒ පිළිබද පණිවිඩය ලෝකයට ගෙන යෑමට මෙය අවස්ථාවක් කරගන්නා බවටද තර්ජනය කර සිටියා.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා සැමරීමට කාගෙන්වත් අවසරගත යුතු නැතැයි ද ඔහු පවසා තිබිණි. මියගිය කොටි ත්‍රස්තවාදීන් සැමරිම සදහා උත්සව සමරු මාලාවක්ම පැවැත්වීමට ද්‍රවිධ ජාතික සන්ධානය සහ දමිළ ඩයස්පොරාව සුදානමින් සිටින අතර මැයි 18 වනදා යුද්ධයේ අවසානය සිදුවූ වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේදී ප්‍රධාන සැමරුම පැවැත්විමට මේ වනවිටත් සුදානම් කරමින් සිටින බවද අප යාපන වාර්තාකරු සදහන් කලා.
එම අවස්ථාවට උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සි.වි විග්නේෂ්වරන් සහ දකුණේ හිටපු ප්‍රභල දේශපාලඥයන් කිහිප දෙනෙකුද සහභාගී වීමට නියමිත බවද ඔහු සදහන් කළ. වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේදී ප්‍රධාන සැමරුම සදහා උතුරේ පාසල් වල A/L පන්තියේ සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු උතුරේ රාජ්‍ය ආයතන ප්‍රධානින් සහභාගි විම අනිවාර්ය කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් මෙ වනවිටත් උතුරේ පාසල් ප්‍රධානින්ට උපදේස් ලබාදිමටද කටයුතු කර තිබේ.
මේ අතර කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු යුද සැමරුමකට ඉඩ නොදෙන බවත් එවැනි දෑ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දන්වා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන පසුගියදා ප්‍රකාශයක් රමින් ජනතාව ගොනාට අන්දවා තිබේන බව ඉතා පැහැදිලිය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලු සමස්ත යහපාලනයම කරන ප්‍රකාශයේ ඇති බරපතලකම නම් සමරන්නේ කොටි ද වෙනත් අයෙකුද යන්න නොව “ජන සංහාරය” යන නම භාවිතා කිරිමය මන්ද ඔහුන් දිගින් දිගටම බාවිතා කිරිම හරහා උතුරේ ත්‍රස්තවාදීන් ඝාතනය කිරිම සාධාරණීකරණය කිරිම බව වටහා ගැනිමට තරම් මොලයක් නොමැති විම ගැනය.
Friday, May 13, 2016
කොටි සැමරුම් වලට බලපෑම් එපා -ආරක්ෂක අමාත්‍යංශය ණයට කහී
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment