ප‍්‍රසන්න රණතුංග බැකෝවකින් හිරවූ කාණු පාදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 20, 2016

ප‍්‍රසන්න රණතුංග බැකෝවකින් හිරවූ කාණු පාදයි..

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බියගම , යටවත්ත, මොට්ටුන්න, යඹර`ඵව, මල්වාන, කොළඹ හේන වත්ත, වල්ගම, මාබිම, ප‍්‍රදේශ වල පවුල් දස දහසක් අවතැන්ව පසිටිති.

බියගම රෝහල අවට සම්පූර්ණයෙන්ම යටවී තිබේ. මේ නිසා නේවාසික රෝගීන් මෙන්ම වෛද්‍යවරු සහ හෙ`දියෝ දැඩි පීඩාවට පත්ව සිටිති. අධික ගංවතුර නිසා මෙම ප‍්‍රදේශවල පීඩාවට පත්ව සිටින ජනතාවට කිසිදු ආධාරයක් ලැබී නොතිබිණි.

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ මෙම ප‍්‍රදේශ වල නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. ඒ බැකෝ ලෝඩරයක නැගීගෙනය. ඔහු සමග බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගණේපොල මහතා ඇතුඵ පිරිසක්ද විය. බියගම රෝහලට ගිය ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා ඇතුඵ පිරිස රෝහලට විදුලි ජෙනරේටරයක් ලබා දුන්නේය.

ගංවතුරෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට ආහාර පාර්සල්, වතුර බෝතල්, වියලි ආහාර තොගයක් ද රණතුංග මන්තී‍්‍රවරයා රැුගෙන ගොස් තිබිණි. ඔවුන්ට ඒවා බෙදාදුන් මන්තී‍්‍රවරයා ඇතුඵ පිරිස සිය හිතවතුන්ට කතා කරමින් ගංවතුර බැස යැවීමට අවශ්‍ය පියවර ගැනීම සදහා ද මැදිහත් විය. රණතුංග මහතා ගමන්කල බැකෝ යන්ත‍්‍රයම යොදා ගනිමින් ඇතැම් තැන්වල කාණු පද්ධතිවල රැුස්ව තිබූ ජලය යැවීමටද පියවර ගැණිනි.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad