එජාපයේ වෙනසක් - තීරණාත්මක රැස්වීම අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

එජාපයේ වෙනසක් - තීරණාත්මක රැස්වීම අද

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණාත්මක රැස්වීමක් අද (05) පැවැත්වෙන බව වාර්තා වේ.

එහිදී අලුත් ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රති සංවිධානය කිරීමට අවශ්‍යය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේ ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන්කරන අන්දමට එක්සත් ජාතික පක්ෂයේ සිදුකෙරෙන ප්‍රතිසංවිධානවලදී එහි දැනට තිබෙන තනතුරු කිහිපයක් වෙනස් වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ජාතික නායකයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.


නව යෝජනාවලියට අනුව එම ජාතික නායක තනතුර අහෝසි කර ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ නායක ලෙස මීට පෙර පැවති තනතුරම නැවත ඇති කිරීමට අවධානය යොමුව තිබේ. 

එමෙන්ම සජිත්  ප්‍රේමදාස මහතා දැනට හොබවන නියෝජ්‍ය නායක තනතුර සහ රවී කරුණානායක මහතා දැනට හොබවන උපනායක තනතුර ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය ද එහි ව්‍යවස්ථාවට පිටින් ඇති කළ ඒවා බැවින් එම තනතුරු ද බොහෝ විට අහෝසි කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad