පසුගිය 28 වෙනි දා වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ දී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් රථයේ ගැටී තරුණයකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවට ප්‍රදේශයේ සවි කොට ඇති CCTV ආරක්ෂිත කැමරාවල දර්ශන පරීක්ෂා කිරීම ඇරඹූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ආන්දෝලනයකට ලක්ව ඇති කාරණාවක් වන, රථය පැදවූයේ අමාත්‍යවරයා ද ඔහුගේ රියදුරු ද යන්න අනාවරණය කර ගැනීමට එදින රාත්‍රී මාර්ගය දෙපස රාජ්‍ය ආයතන, නිවෙස්වල හා වෙළෙඳසල්වල සවිකර තිබෙන CCTV කැමරා දර්ශන මෙලෙස පරීක්ෂා කෙරෙන බවයි පැවසෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ රථය පැදවූයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බවට තුවාල ලැබූ තරුණයාගේ මිතුරන් ලබාදෙන ප්‍රකාශ සත්‍ය ද යන්න මෙමගින් හෙළිවනු ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:
Post a Comment