මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවීම හමුවේ ජල විදුලි උත්පාදනයට බාධා පැමිණ ඇති බව විදුලි ඉංජිනේරුවෝ අවධාරණය කරති.
මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවල පිහිටි කාසල්රි ජලාශය, මාවුස්සාකැලේ ජලාශය, ඉහළ කොත්මලේ ජලාශ සහ කොත්මලේ ජලාශවල ජල මට්ටම මේ වනවිට සීඝ්‍රයෙන් පහළ බැසීම හමුවේ මෙම අවධානම මතු වී තිබේ.
අද වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 30ක් ද මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 20ක් ද පහළ බැස තිබේ.
ජලාශවලට දිනපතා එක්රැස්වන ජල මට්ටම අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර කොත්මලේ සහ ඉහළ කොත්මලේ යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය කඩින් කඩ සිදු කරන බව විදුලි ඉංජිනේරුවන් පවසයි.
එම ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් ජලාශය ඉදිකිරිමේ දී ජලාශයට යට වූ දූපත් කිහිපයක්ම මේ වනවිට මතු වෙමින් පවතී.
මෙම ජල විදුලි බලාගාර සියල්ලකම දිනකට මෙගාවොට් දහසකට ආසන්න විදුලි උත්පාදනයක් සිදුකර ජාතික විදුලි පද්ධතියට සිදු කරයි.
හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment