පාඨලී චම්පික අමාත්‍යවරයාට අයත් රථයේ ගැටුණු යතුරුපැදියේ පසුපස ගමන් කළ තරුණයාගෙන් මිරිහාන පොලිසිය විසින් පෙරේදා (07) ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.
අනතුරින් බරපතල තුවාල ලබා සිටින යතුරුපැදිය පැදවූ සන්දීප් සම්පත් නමැති තරුණයා සමඟ යතුරුපැදියේ ගමන් කළ මෙම තරුණයා ලබා දුන් ප්‍රකාශ සහ මීට පෙර ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු විසින් ලබා දුන් ප්‍රකාශ එකිනෙකට පරස්‌පර බව පොලීසිය පැහැදිලි කරයි.
යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අනතුරින් පසු තමා සිහිසුන් වූ බවත් තමන්ට නැවත සිහිය ආවේ රෝහලේදී බවත් ය. යළි පියවි සිහිය පැමිණි අවස්‌ථාවේ තම මිතුරන් දෙදෙනා තමන් හමු වී අනතුරට ලක්‌වූ ජීප් රථය පදවාගෙන ගොස් තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයාගේ රියැදුරු විසින් යැයි පැවසූ බව ද ඔහු පවසා තිබේ.
නමුත් එම සන්දීප්ගේ මිතුරන් දෙදෙනා පසුව මාධ්‍ය හමුවේ සහ පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් ප්‍රකාශ කළේ මෙම අනතුර සිදුකළ ජීප් රථය පදවාගෙන ගියේ පාඨලී චම්පික ඇමැතිවරයා විසින් බව යි. එබැවින් මෙම තරුණයන් ලබා දී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්‌පර විරෝධී ඒවා බව පොලිසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය අනතුර සිදු වූ අවස්‌ථාවේ සිටි තවත් තරුණයන්ගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතව තිබේ.

No comments:
Post a Comment