බලපිටිය මහේස්ත්රාත් අධිකරණය අසල අද (09) දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. බන්ධනාගාර රියකට ප්රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන ලැබුණු තොරතුරක් හේතුවෙන් මේ පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
මේ අතර පසුගිය පෙබරවාරි 16 වැනිදා බලපිටිය මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබී ය. පොලීසිය පැවසුවේ, ඔවුන් නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේ වෙඩි ප්රහාරයට ලක්ව ඇති බව ය.
වෙඩි ප්රහාරයට ගොදුරු වූ පුද්ගලයින්ට අදාළව විභාග වෙමින් පවතින නඩුව අවසානයේ ඔවුන් දෙදෙනා අධිකරණය ඉදිරිපිට වෙළෙඳ සලකට පැමිණ තිබේ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු වෙඩි තබා තිබුණේ ඔවුන් වෙළෙඳ සලෙන් පිටතට පැමිණෙමින් සිටියදී ය.

No comments:
Post a Comment