සන්ධානයේ ලොකු වෙනසක්! - දිනේෂ්ගෙන් අළුත් යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 9, 2016

සන්ධානයේ ලොකු වෙනසක්! - දිනේෂ්ගෙන් අළුත් යෝජනාවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දැනට තිබෙන පක්ෂවලට අමතරව තවත් පක්ෂ රැසක සහය ගෙන සන්ධානය පුළුල් කිරීමේ කටයුතු සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ඊයේ (08) රාත්‍රී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්විණි. 

සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර මේ හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පැවැතිණි. ඊයේ පැවති එජනිස විධායක සභා රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුරට මහින්ද අමරවීර මහතා පත්කරගෙන තිබේ.

එම රැස්වීමේදී සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමු‍ණේ නායක හා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ සන්ධානයේ අනෙකුත් කණ්ඩායම් සමග ඒකාබද්ධ වී සන්ධානය ශක්තිමත් කළ යුතු බවයි.

සන්ධානයේ මහ ලේකම්ධූරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර ඇති අතර අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඔහුගේ නම ස්ථීර කර තිබේ. මෙහිදී දිනේෂ් ගුණවර්ධන මහතා සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස පත්වූ මහින්ද අමරවීර මහතාට සහය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad