පළිගැනීම්වලට පිළිතුරු දෙන හැටි පාඨලී කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

පළිගැනීම්වලට පිළිතුරු දෙන හැටි පාඨලී කියයි

මාධ්‍ය මගින් පළිගැනීම් හා චරිත ඝාතනය කරන අයට පිළිතුරු දෙන්නේ වැඩ කිරීමෙන් බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔවුන්ට පිළිතුරු දීම සඳහා කාලයවත්, වචනවත් නාස්‌ති කිරීමට කිසිම බලාපාරොත්තුවක්‌ නැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. රණවක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (11) බොරැල්ල එලියට්‌ පෙදෙස මාර්ගය මංතීරු තුනක්‌ දක්‌වා වැඩිකර මැගසින් මාර්ගය දක්‌වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්‌ථාව අමතමිනි.

මෙම විවේචන, විචාර, එල්ලවන්නේ වැඩ කරනකොට බව පැවැසූ අමාත්‍යවරයා මීට වඩා ප්‍රබල විචාරවලට, විවේචනවලට සහ පළිගැනීම්වලට තමන් මුහුණ දී ඇති බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad