පිටි මිල ඉහළට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

පිටි මිල ඉහළට 

ප්‍රීමා තිරිඟු පිටි මිල අද (12) සිට කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 07යි 20 බැගින් ඉහළ නංවා තිබේ. 

ඒ අනුව ඒජන්තවරුන්ගේ කොමිස් මුදල් ඇතුළුව තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 07.50 කින් පමණ ඉහළ යනු ඇත.

වෙළෙඳපොළේ තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක් මේ වනවිට රුපියල් 90කට අලෙවිවන අතර නව මිල රුපියල් 97. 50ක්වනු ඇති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කරයි. ආනයනික තිරිඟු ඇට සඳහා ඉහළ බදු මුදලක් පැනවීම හේතුවෙන් මෙලෙස ප්‍රීමා තිරිඟුපිටි මිල ඉහළ නැංවීමට සිදු වූ බව එම සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad