සබීතාගේ ගොඩනැගිල්ල දෙකෝටියකට මාසික කුලියට කෘෂිකර්ම අමාත්‍යංශය ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

සබීතාගේ ගොඩනැගිල්ල දෙකෝටියකට මාසික කුලියට කෘෂිකර්ම අමාත්‍යංශය ගනී..

ප‍්‍රකට සිනමා නිලි සබීතා පෙරේරාගේ සමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් මසකට රුපියල් දෙකෝටියක කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

මෙතරම් විශාල මුලකට මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ රජයේ ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් වසා දමා තිබියදීය. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතැයිද වාර්තා වෙයි.

මුලින් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කලද පසුව එය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරිණ. ලක්‍ෂ 210ක් වූ මාසික කුලිය මේ වන විට මෙරට අමාත්‍යංශයක් වෙනුවෙන් ගෙවන ලද ඉහලම කුලී මුදලයි.

No comments:

Post a Comment

Post Bottom Ad