සියළුම යුධ හමුදා සුභසාධක වෙළදසැල්, නිළධාරි නිවස්න, බලයලත් නිළධාරි/සැරයන් නිවස්න, ජන අවන්හල් හා කොමිෂන් නොලත් නිළධාරීන්ට සෑම බදාදා හා සිකුරාදා දිනයන්හි දුම්වැටි සහ මත්පැන් අලෙවිය තහනම් කිරීමට පියවර ගන්නැයි යුධ හමුදාපතිවරයා නියෝග කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් ප‍්‍රකාරව ආරම්භවී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අනුකූලව හඳුන්වා දී ඇති මෙම නව නීතිය 2016 පෙබරවාරි 01 දින සිට යුධ හමුදාව තුල ක්‍රියාත්මක වේ.
සෑම බදාදා දිනකම සමස්ථ හමුදාවේම පුහුණු කටයුතූ අනිවාර්ය කර ඇති හමුදාපතිවරයා, යුධ හමුදා සාමාජිකයන් බදාදා දින පුහුණුවීම් අතරතුර දුම්පානයට හා පුහුණුවීම් අවසානයේ මත්පැන් පානයට යොමුවීමට ඇති ඉඩකඩ සලකා මෙසේ බදාදා අමද්‍යප දිනයක් කර තිබේ.
යුධ හමුදා කඳවුරුතුලම පිහිටා ඇති නිළධාරී නිවස්න, බලලත් නිළධාරි/සැරයන් නිවස්න හා කොමිෂන් නොලත් නිළධාරින්ගේ සමාජ ශාලාවල සිකුරාදා දින මත්පැන් සාද පැවැත්වීම ද තහනම් කර ඇත.
මිට ඉහතදී යුධ හමුදාපතිවරයකු ලෙස කටයුතු කල ජනරාල් රොහාන් දළුවත්ත මහතා හමුදා සාමාජිකයින්ට හරක් මස් තහනම් කළේය. ඒ ඔහු සායිබාබා බැතිමතකු වීම හේතුවෙනි.
Tuesday, March 8, 2016
යුධ හමුදාවට මත්පැන් හා දුම්වැටි තහනමක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment