රේගු පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී ටොයොටා ප්‍රාඩෝ TRJ (Toyota Prodo TRJ) මෝටර් රථ 189ක් පමණ ඉතා අඩු තීරුගාස්තුවක් යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් රේගු වෘත්තී කර ඇති චෝදනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට අවස්ථාවක් ලබාදී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ජනපතිවරයා හා රේගු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාව ලබන 09 වැනිදා (හෙට) පැවැත්වෙන බවද වාර්තා වේ. රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින් සාවද්‍ය තොරතුරු සහ ප්‍රකාශයන් ඉදිරිපත් කරමින් රජයට හිමි විය යුතු බදු මුදල් අහිමි කොට ඇති බව එම සංගමය කියා සිටී.
එසේම, මෙකී වාහන 189 මුදා හැරීම නිසා, රජයට රුපියල් ලක්ෂ 3200 ක අමතර මුදලක් හිමිවු බවට මුදල් අමාත්‍යවරයා විසින් කර ඇති ප්‍රකාශයද එම සංගමය ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙම රේගු පරීක්‍ෂණය පැවැත්වෙන අතරතුර පරීක්‍ෂණයට පදනම්වූ මූලික නීතිමය ලියවිල්ලක් වන 2015. 02. 15 දිනැති අංක 1901/03 දරණ රජයේ ගැසට් පත්‍රයද සහාසික ලෙස වෙනස් කර ඇති බව එම සංගමය කියයි.
ඒ අනුව අදාල ජාවාරම්කරුවන්ට වාසිවන අයුරින් 2015. 09. 22 දින අංක 1933/16 දරණ නව ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නිකුත්කර ඇති බවද පැවසේ. මෙම ගැසට් පත්‍රය මගින් නීති විරෝධී ලෙස ව්‍යාජ මිලගණන් ඉදිරිපත් කරමින් මෝටර් රථ ආනයනය කරන්නන්ට එරෙහිව ක්‍රියා කිරීමට රේගු නිලධාරීන්ට තිබූ බලය අහෝසි කර ඇති බවද දක්වා තිබේ.
රේගු පරීක්‍ෂණය සඳහා අදාල කරගත යුත්තේ 2015. 02. 10 දිනැති අංක 1901/03 දරණ ගැසට් පත්‍රය බවත්, රවී කරුණානායක මහතා හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම වාහන ආනයනකරුවන්ට මුදාහැරීමට යොදාගෙන ඇත්තේ 2015. 09. 22 දිනැති අංක 1933/16 දරණ ගැසට් පත්‍රය බවද පැවසේ.
තීරු බදු රහිත වාහන බලපත්‍ර මගින් සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම නිසා රජයට රුපියල් මිලියන 3000 කට අධික පාඩුවක් සිදුවී ඇති බවට විගණන විමසුම් මගින් පෙන්වා තිබියදීත් ඒවා කිසිදු සැලකිල්ලකට නොගෙන මුදල් ඇමතිවරයා හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජාවාරම්කරුවන්ට වාසි වන පරිදි කටයුතු කර ඇති බවටද සමස්ත ලංකා රේගුසේවා සංගමය චෝදනාකර සිටී.
Tuesday, March 8, 2016
ජනපති ප්‍රාඩෝ කේස් එකට අතදාලා !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment