රවීට යළි විශ්වාස භංගයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

රවීට යළි විශ්වාස භංගයක් !

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

අදාළ විශ්වාස භංගය ගෙනඒමේ කටයුත්තට පෙරමුණ ගෙන කටයුතු කරන්නේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා බවද ඔහු කියා සිටියේය. වසර 2016 අයවැය ඉදිරිපත් කර තුන් මසක් ඉක්මයාමටද පෙර මිනි බජට් එකක් ඉදිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුවට එරෙහිව අදාළ විශ්වාස භංගය ගෙනඑන බව පැවසේ.

පසුගිය සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මිනි බජට් එකක් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. ආදායම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද හා ප්‍රාග්ධන ලාභ බද්ද ඉහල නංවා රුපියල දිනපතා කඩා වැටීමෙන් විදේශ මුදල් සංචිත බරපතල තත්ත්වයකට ලක්ව ඇති බවත්, ණය ශ්‍රේණිගත කිරීමේදි ලංකාව නිශේධනාත්මක තත්ත්වයකට ලක්ව ඇතැයිද ඒකා බද්ධ විපක්ෂය චෝදනා කරයි.

අභිරහස් ආයෝජන කිහිපයකට කරුණානායක මහතා අවසර දී ඇතැයිද, අධික පොලියට ණය ගෙන ඇතැයිද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad