දේශපාලන ගමන වෙනස් කළ සිදුවීම මෛත්‍රී හෙළිකරයි (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

දේශපාලන ගමන වෙනස් කළ සිදුවීම මෛත්‍රී හෙළිකරයි (AUDIO)

පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටින සමයේ දී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියළු දෙනා සහභාගී වූ අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමක දී වංචා දූෂණ පිළිබඳව තමා අදහස් ප්‍රකාශ කළ බවත් ඊට පසු දා ම තමා "රාජ උදහසට" පත් වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පක්ෂයේ ලේකම් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරන අතරතුර ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ විමසිය නොහැකි බවත් එසේ සිදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වෙනත් දේශපාලන ගමනක් යාමට දැයි තමාගෙන් විමසූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

වෙනත් දේශපාලන ගමනක් යන බවට තමා තීරණය කළේ එම අවස්ථාවේ දී බව යි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අනාවරණය කළේ. ඔහු මෙම අදහස් පළ කළේ මාර්තු 12 ව්‍යාපාරයට වසරක් සැපිරීම වෙනුවෙන් අද (12) පෙරවරුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විශේෂ උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහිත හඬපටය පහතින් ශ්‍රවණය කරන්න.

No comments:

Post a Comment

Post Bottom Ad