පාරිභෝගික සතියේ දී පාන් රුපියල් 50ට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

පාරිභෝගික සතියේ දී පාන් රුපියල් 50ට  

එළැඹෙන 14 වැනි දා සිට 20 වැනි දා දක්වා පැවැත්වෙන පාරිභෝගික සැලකුම් සතිය තුළ දී පාන් රාත්තලක මිල රුපියල් 04 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පළමු වරට සංවිධානය කරන මෙම පාරිභෝගික සැළකුම් සතියේ දී පාරිභෝගිකයන්ට කෙරෙන සත්කාරයක් වශයෙන් මෙසේ පාන් මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ. ජනවර්ධන මහතා සඳහන් කළේ ය.

ඒ අනුව එම සතිය තුළ දී පාන් රාත්තල රුපියල් 50.00 ට අලෙවි කරන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad