මීළඟට “සිංහ විසේ” - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 5, 2016

මීළඟට “සිංහ විසේ”

එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ගීතයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

“සිංහ විසේ” ලෙස නම් කර ඇති මේ ගීතයට දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ හා චාමර කපුගෙදර යන ශ්‍රී ලංකා ක්‍රිකට් තරුද හඬ මුසුකර ඇතැයි පැවසේ.

මේ සඳහා එක්ව ඇති කාන්තා හඬ පෞර්ෂය රූකාන්ත ගුණතිලකගේ දියණිය රයිනි චාරුකාගේ බවද වාර්තා වේ. ශෙනාල් මද්දුමගේ ගේ සංගීතයට අනුව නිර්මිත මේ ගීයේ පද වැල ලියා ඇත්තේ සඳුන් පෙරේරා විසිනි. තවමත් මේ සඳහා ගීත වීඩියෝවක් නිර්මාණය වී නොමැති බවත්, එය නිර්මාණය කිරීම මේ දිනවල සිදුවෙමින් පවතින බවත් පැවසේ.



No comments:

Post a Comment

Post Bottom Ad