රට යන්නන් පුහුණු කරන පෞද්ගලික ආයතන වසා දැමීමේ තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 5, 2016

රට යන්නන් පුහුණු කරන පෞද්ගලික ආයතන වසා දැමීමේ තීරණයක්

විදෙස් ගතවන ශ‍්‍රී ලාංකිකයන් පුහුණු කරන පෞද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම තීරණය පිලිබදව සියලු පෞද්ගලික ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක උපුල් දේශප‍්‍රිය මහතා පැවසුවේය.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් රටපුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන විසිතුනෙන් හයක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒ වෙනුවට දිස්ත‍්‍රික්කයකට එක බැගින් සියලු පහසුකම් වලින් සමන්විත පුහුණු මධ්‍යස්ථානය බැගින් ඉදිකරන බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා සිටියේය. 

විදෙස් ගතවන ශ‍්‍රමිකයන්ට කලින් ලබාදෙන දින විසි එකක පුහුණුව වෙනුවට දින 40ක පුහුණුවක් ලබාදීමටත්, අමාත්‍යාංශය තීරණය කර ඇති බව හෙතෙම කියා සිටියේය. මේ වන විට රත්නපුර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රධාන රැකියා පුහුණු මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතී. අනුරාධපුර , අම්පාර සහ කුරුණැගල යන දිස්ත‍්‍රික්කවල ද පුහුණු මධ්‍යස්ථාන කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරන බව දේශප‍්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad